ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්, අද දින (2026 සැප්තැම්බර් 10) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.
ඒ අනුව, මෙම සංචාරයේදී ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ හමු විය. එහිදී, දෙපාර්ශවය අතර සිදුකෙරුණු සුහද පිළිසඳරකින් අනතුරුව, විධාන මූලස්ථානයේදී පැවති දේශනයක් සඳහා, ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු එම ඕස්ට්‍රේලියානු දූත පිරිස සහභාගි වූහ.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
1 /
6













