EVENT NEWS 2026

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

17 Sep 2026

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය 2026 සැප්තැම්බර් මස 14 සහ 15 යන දෙදින පැවැත්විමට නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, ගණදෙවි ප්‍රථිමාව රැගත් අලංකාරවත් පෙරහැර නාවික තටාකාංගනය පරිශ්‍රය තුල සහ ත්‍රිකුණාමලය නගරයේ වීථී සංචාරය කිරීමෙන් පසුව, වාර්ෂික පූජාව සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, ආගමික සහජීවනය පිළිබිඹු කරමින්, නාවික හමුදා හින්දු සංගමයේ අනුග්‍රහයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ නාවික තටාකාංගනය ආයතන‍යේ අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙවර වාර්ෂික ගණදෙවි පූජාවේදී, නාවික හමුදාවට ආශීර්වාද පතා හින්දු ආගමික වතාවත් සිදුකර, හින්දු සංස්කෘතිකාංග සහිතව ගණදෙවි ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැර වීථි සංචාරය සිදුකරනු ලැබීය.

තවද, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්, නාවික පවුල්වල සාමාජිකයින් මෙන්ම, ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Accessibility Tools