ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ගරු Damiano Francovigh මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
මෙම නිල හමුවේදී, 27 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත ගරු ඉතාලි තානාපතිතුමන් විසින් සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඉතාලි තානාපති සහ නාවික හමුදාධිපති සුහද පිළිසඳරක නිරත විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
1 /
6













