EVENT NEWS 2026

ගිරිඋල්ල පල්ලේගම පාලම තුළ සිරවූ දැවකඳන් ඇතුළු අවශේෂ නාවික හමුදාව විසින් ඉවත් කෙරේ

15 Sep 2026

කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ මා ඔය හරහා ඉදි කර ඇති පල්ලේගම පාලම තුළ සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2026 සැප්තැම්බර් 15) සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල පහරට හසුව ගසාගෙන ආ කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අවශේෂ මා ඔය හරහා ඉදිකර ඇති ප‍ල්ලේගම පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම හේතුවෙන්, එය කඩිනමින් යතාවත් කිරීම සඳහා නාවික හමුදාව මෙම මෙහෙයුම සඳහා බටහිර නාවික විධානයේ විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබීය.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කරුවන්ගෙන්ද සමන්විත එම විශේෂ කණ්ඩායම සිදුකල මෙම මෙහෙයුම මඟින්, පල්ලෙවෙල පාලම තුල සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, එම පාලම ඔස්සේ මා ඔයේ ජලය ක්‍රමවත්ව බැසයාමට අවශ්‍ය කටයුතු සිදුකෙරිණි.

Accessibility Tools