EVENT NEWS 2026

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහනක්

16 Sep 2026

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන්, ලඟම ඥාතීන්ගේ අවමංගල්‍ය අවස්ථාවකදී නාවික විධාන වෙතින් නාවික හමුදා පුද්ගලයින් වෙත පහසුකම් සැලසීමේ වැඩසටහනක් නාවික හමුදාව ආරම්භකර ඇති අතර, එම පහසුකම් සංකේතාත්මකව නාවික විධාන වෙත ලබා දීම, අද දින (2026 සැප්තැම්බර් 16) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ‍ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සුභසාධන අංශය විසින් ආරම්භ කරන ලද මෙම සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහන මඟින් නාවික හමුදා පුද්ගලයින්ගේ ලඟම ඥාතීන්ගේ අවමංගල්‍ය අවස්ථාවන් සඳහා අවශ්‍ය පහසුකම් ඒ ඒ විධාන වෙතින් කඩිනමින් සපයා ගැනීමට හැකියාව සැලසෙන අතර, ඒ සඳහා අවශ්‍ය තාවකාලික කුටි හතලිස් අටක් (48), පුටු එක්දහස් අටසිය හැත්තෑ පහක් (1,875) සහ කෝපි සෑදීමේ යන්ත්‍ර දහ හතරක් (14) නාවික විධාන වෙත බෙදාදීම මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු‍ කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුජීව වීරසූරිය, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ඉන්දික ගුණවර්ධන ඇතුළු නාවික හමුදා සුභසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools