ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ 13 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදා බඳවා ගැනීම් ප්‍රවර්ධනය කිරීමේ පා ගමනක්
ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ 13 වැනි සංවත්සරය 2026 සැප්තැම්බර් මස 12 වැනි දිනට යෙදී ඇති අතර, ඊට සමගාමීව සංවිධානය කෙරුණු නාවික හමුදාව වෙත නව බඳවා ගැනීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ පා ගමනක්, 2026 සැප්තැම්බර් මස 10 වන දින සේරුනුවර නගරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සුගත් ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණයෙන්, නාවික හමුදාවේ විනය, වෘත්තීයභාවය සහ විවිධ වෘත්තීය අවස්ථා පිළිබඳව පාසල් සිසුන් ප්‍රමුඛ තරුණ පරපුර දැනුවත් කිරීම අරමුණු කර ගනිමින්, සේරුනුවර නගරය සහ ඒ ආසන්න පාසල් ආවරණය වන පරිදි පැවති මෙම පා ගමන සඳහා නාවික හමුදාවේ විවිධ අංශයන්ගේ නාවික හමුදා පුද්ගලයින්ද ඇතුළුව, ලංකාපටුන ආයතනයේ නාවික හමුදා පුද්ගලයින් 100 දෙනෙකු සහභාගි වූහ.
1 /
6













