EVENT NEWS › 2026

යුද හමුදාව ත්‍රිකුණාමලයේදි සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනකට නාවික හමුදාව දායක වෙයි

21 Sep 2026

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 38 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු ලේ දන් දිමේ වැඩසටහනකට ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ නාවික හමුදා පුද්ගලයන් 2026 සැප්තැම්බර් මස 21 වන දින දායක විය.

ත්‍රිකුණාමලය මහ රෝහලේ මධ්‍යම රුධිර බැංකුවේ රුධිර සංචිත අවශ්‍යතාවය පවත්වාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා දායකව්ම මඟින් ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනු ලබයි.

Accessibility Tools