නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලත්වැල්කඳුර ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 සැප්තැම්බර් මස 18 වැනි දින සිදුකෙරිණි.
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ Lion Nation Foundation (Guarantee) Limited ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1,161ක් ජනතා අයිතියට පත්කර ඇත.
ඒ අනුව, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලත්වැල්කඳුර ග්‍රාමයේ විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.













