උදාර නෞකාවේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් දේශප්‍රිය මල්දෙණිය, අද දින (2026 සැප්තැම්බර් 18) ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ‘CNAD’ ජැටියේදී එම නෞකාවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව වෙත පිළිගැනීමෙන් පසුව, එම නෞකාවේ අණදෙන නිලධාරී ධූරය හෙබවූ කොමාණ්ඩර් සුරංග කොඩිකාර විසින් නිල වශයෙන් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණු අතර, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් හරිත ජයදේව එම අවස්ථාව සඳහා සහභාගි විය.
2000 වර්ෂයේ ජූනි මස 11 වන දින අධිකාරියට පත් ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව, එතැන් සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හා ජාතික වගකීම් ඉටු කිරීමේදී සුවිශේෂී දායකත්වයක් ඉටුකරයි.













