EVENT NEWS 2026

රණරිසි හා අභීත II නෞකාවන්හී අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි

18 Sep 2026

ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි හා අභීත II නෞකාවන්හි අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කොමාණ්ඩර් මංගල කරුණාරත්න, අද දින (2026 සැප්තැම්බර් 18) ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ ‘CNAD’ ජැටියේදී එම නෞකාවන්හී අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අභිනව අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි හා අභීත II නෞකාවන් වෙත පිළිගැනීමෙන් පසුව, එම නෞකාවන්හී අණදෙන නිලධාරී ධූරය හෙබවූ කොමාණ්ඩර් ලක්රුවන් ජිනසේන විසින් නිල වශයෙන් අභිනව අණදෙන නිලධාරී වෙත රාජකාරී භාරදීම සිදු කෙරුණු අතර, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් හරිත ජයදේව එම අවස්ථාව සඳහා සහභාගි විය.

1992 ජුලි මස 14 වන දින අධිකාරියට පත්කරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි හා 2000 ජුනි 11 වන දින අධිකාරියට පත්කරන ලද අභීත II නෞකාවන්, එතැන් සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් හා ජාතික වගකීම් ඉටු කිරීමේදී සුවිශේෂී දායකත්වයක් ඉටුකරයි.

Accessibility Tools