ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර සේවයෙන් විශ්‍රාම ලබයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රාජකාරී සිදුකල රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2026 සැප්තැම්බර් මස 01 වැනි දින එම ධුරයෙන් විශ්‍රාම ලැබිය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දශක තුනකට අධික කීර්තිමත් සේවයක් ඇති රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපති ලෙස පත්වීම් ලැබූ අතර, එම ධුරයේ වසර තුනක (03) කාලසීමාවක් සේවය කිරීමෙන් පසු මෙලෙස විශ්‍රාම ලැබීය.
තවද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය විසින් රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත ශුභාශිංසන එක් කිරීමෙන් අනතුරුව, ඔහු වෙත හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පුද කෙරිණි.
1 /
6













