ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස රියර් අද්මිරාල් හරිත ජයදේව වැඩ භාර ගනියි
නාවික හමුදා දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ රියර් අද්මිරාල් හරිත ජයදේව එම ධුරයේ වැඩ භාරගැනීම අද දින (2026 සැප්තැම්බර් 14) ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව රියර් අද්මිරාල් හරිත ජයදේව නාවික හමුදා දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය විසින් එම ධුරයේ රාජකාරීන් රියර් අද්මිරාල් හරිත ජයදේව වෙත භාර දීම සිදු කෙරිණි.
1 /
6













