EVENT NEWS 2026

කලාපීය සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයන්ගේ නියෝජිත පිරිසක් කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවෙයි

15 Sep 2026

සුමුද්‍රීය තොරතුරු හුවමාරුවේදී පවත්නා පොදු අභියෝග සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශ පිළිබඳ අත්දැකීම් හුවමාරුකර ගැනීමේ අරමුණෙන්, මැඩගස්කරයේ කලාපීය සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය (RMIFC), සීෂෙල්ස්හි කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය (RCOC) සහ International Criminal Police Organization (INTERPOL) සංවිධානය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිසක්, 2026 සැප්තැම්බර් මස 14 සහ 15 යන දෙදින තුල කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (IFC Colombo) සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී පාර්ශවයන් අතර දැනුම හා ඵලදායී ක්‍රියාමාර්ග පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගනිමින්, සමුද්‍රීය තොරතුරු විලායනය හා සබැදි පොදු අභියෝග හඳුනාගැනීම සහ තොරතුරු හුවමාරු යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි. එමෙන්ම, සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථාන සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර, ඵලදායී සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරිණි.

තවද, මෙම සංචාරය සඳහා මැඩගස්කරයේ කලාපීය සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු (02), සීෂෙල්ස්හි කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු (02), INTERPOL සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙකු (03) සහ කොළඹ ජාතික මධ්‍යම කාර්යාංශය (NCB Colombo) නියෝජනය කරමින් සම්බන්ධීකරණ නිලධාරියෙකු (01) ද එක්විය.

Accessibility Tools