‘SLINEX – 2026’ ඉන්දු-ලංකා නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා සිඳුරළ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ‘SLINEX – 2026’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව අද දින (2026 සැප්තැම්බර් 11) දිවයිනෙන් පිටත්විය.
ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාව, අන්තර් ක්‍රියාකාරීත්වය සහ වෘත්තීයමය අත්දැකීම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය වාර්ෂිකව පවත්වනු ලබන අතර, මෙවර අභ්‍යාසය 2026 සැප්තැම්බර් 14 සිට 18 දක්වා ඉන්දියාවේ විසාකපට්නම්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව, ‘SLINEX – 2026’ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වීමට සිඳුරළ නෞකාව මෙලෙස දිවයිනෙන් පිටත්වූ අතර, නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිටත්වීම, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීරගේ අධීක්ෂණය යටතේ කොළඹ වරායේදී සිදු කෙරිණි.













