ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව අරඹයි
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් පිහිටි ගල්පරයක ගැටී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් (IND.TN.10.MM.9381) මුදවා ගැනීම සඳහා අද දින (2026 අගෝස්තු 06) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම ඉන්දීය ධීවර යාත්‍රාව දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ (Bottom Trawling) යෙදී සිටියදී මෙලෙස ගල්පරයක ගැටී ඇති බවට වාර්තා වේ.
එම යාත්‍රාවේ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු සිටින අතර, ගල්පරයේ ගැටීම හේතුවෙන් යාත්‍රාවට අර්ධ වශයෙන් හානි සිදුව ඇති අතර, ජීවිත අවදානමක් නොමැති බව වාර්තා වේ. ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.
තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග, පවතින නීතිමය ප්‍රතිපාදන හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.













