නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 47ක් නීතිය හමුවට
ශ්රී ලංකා නාවික හමුදාව, 2026 ඔක්තෝබර් මස 17 සිට 31 දක්වා කාල සීමාව තුල සාගර කලාපය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) සමඟ ඩිංගි යාත්රා එකොළහක් (11) සහ වල්ලම් යාත්රා දෙකක් (02) නීතිය හමුවට පැමිණ වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්රිකුණාමලය ඉරක්කන්ඩි, කරයවේලි, කාත්තන්කුඩි, මාන්කාඩු, සව්ක්කාඩි, ජයනගර්, ජින්නපුරම්, සල්ලිකෝවිල්, ෆවුල් පොයින්ට්, චැපල් පොයින්ට්, ෆ්ලෑග් ස්ටාෆ්, බෝල්ඩර් පොයින්ට්, යාපනය කන්කසන්තුරය, මුලතිව්, වෙඩිතලතිව්, යන වෙරළ හා මුහුදු ප්රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ උතුරු මැද නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදුකරනු ලැබීය.
තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, මඩකලපුව, වාලච්චේන,කුච්චවේලි, කොඩ්බේ, යාපනය මයිලඩි හා මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.













