නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් 38 ක තොගයක් නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, සිලාවතුර පණ්ඩරවේලි වෙරළ ප්රදේශය ආශ්රිතව අද දින (2026 ඔක්තොබර් 26) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් තිස් අටක (38) තොගයක් නීතියේ රැහැනට හසුකර දෙනු ලැබීය.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, පණ්ඩරවේලි වෙරළ ප්රදේශයේ තිබූ සැකකටයුතු උරයක් (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, බීඩි කොළ කිලෝ ග්රෑම් තිස් අටක (38) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සුරාබදු ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
1 /
6













