නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 360 ක පමණ තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 ඔක්තොබර් මස 02 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය තිස් හයක (336) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින්, කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයෙහි තිබූ සැකකටයුතු උර විසි දෙකක් (22) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය තිස් හයක (336) පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













