නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුමක් මඟින් චුන්ඩිකුලම් මුහුදේදී පුද්ගලයින් 04ක් නීතියේ රැහැනට

12 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් 11 වැනි දින යාපනය චුන්ඩිකුලම් හා කඩ්ඩයිකාඩු මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් යාත්‍රා සහ වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම මඟින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් සිව් දෙනෙකු (04), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිලෝ ග්‍රෑම් එක්දහස් නවසියයකට (1,900) අධික මත්ස්‍ය තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් පුද්ගලයින් පුත්තලම දිස්ත්‍රීක්කයේ මදුරංකුලිය සහ පල්ලිය වාසල්පාඩුව යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools