අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව මඟින් සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැළෙන අධික වර්ශපතනය හමුවේ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම පිටිගල මාර්ගය ජලයෙන් යටවී ඇති අතර, එම ප්‍රදේශය වෙත අනියුක්ත කර ඇති නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් අද දින (2026 සැප්තැම්බර් 24) ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ලැබීය.
තවද, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා දකුණු පලාතේ තවලම, හිනිදුම, මාපලගම, දොඩංගොඩ, උඩුගම, නාගොඩ සහ හබරගොඩ යන ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හතක් (07) යොදවා ඇත.
එමෙන්ම, නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02), යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02), සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02) සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් (03) වශයෙන් ආපදා සහන කණ්ඩායම් නවයක් (09) අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇත.













