විදේශීය කංසා කිලෝ ග්‍රෑම් 192කට අධික තොගයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීතියේ රැහැනට

24 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්ර් 24) යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය අනූදෙකකට (192) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකුට අනුව, යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, උර හතක (07), පාර්සල් අසූ අටක (88) අසුරා තිබූ විදේශීය කංසා තොගය සමඟ, එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවෙකු (01) මෙලෙස නීති‍යේ රැහැනට හසුකර දීම‍ට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් එම විදේශීය කංසා තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කොට්ඨාෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools