නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

02 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මිරිහාන දිස්ත්‍රීක් අපරාධ විමර්ශන ඒකකය හා එක්ව කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 01 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිරිහාන දිස්ත්‍රීක් අපරාධ විමර්ශන ඒකකය හා එක්ව කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල ඉලෙක්ට්‍රොනික දුම්වැටි එකසිය තිහක් (130) සමඟ මෝටර් රථයක් සහ එම සැකකරු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, මෝටර් රථය සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගය ඉදිරි නීතමය කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools