අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2026 අගෝස්තු මස 01 සහ 02 යන දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුණු අතර, දියත් විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, පුහුණු විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.
කණ්ඩායම් දහ හතරක (14) සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරඟාවලියේදී, කඹ ඇදීමේ පිරිමි අවසන් තරඟය දියත් විධානය හා බටහිර නාවික විධානය අතර පැවති අතර, එහිදි දියත් විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම, කඹ ඇදීමේ කාන්තා අවසන් තරඟය පුහුණු විධානය හා උතුරු මැද නාවික විධානය අතර පැවති අතර, එහිදි පුහුණු විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හා නාවික හමුදා කඹ ඇදීමේ සංචිතයෙහි සභාපති කොමදෝරු දර්ශන අමරකෝන් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වි සිටියහ.













