SPORT NEWS › 2026

අන්තර් විධාන වෙඩි තැබීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

26 Oct 2026

අන්තර් විධාන වෙඩි තැබීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ වෙඩි පිටියේදී 2026 ඔක්තෝබර් මස 02 සිට 24 දක්වා පවත්වන ලද අතර, එහි පිස්තෝල සහ රයිෆල් පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය ද, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානය ද දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකසිය විසි දෙනෙකු (120) සහභාගී වූ අතර, එහිදී සමස්ථ තරඟාවලියේ පිස්තෝල සහ රයිෆල් අදියරේ පිරිමි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස උතුරු මැද නාවික විධානයේ සාමාන්‍ය පාබල එච්ආර්එස්ඩී සෙනවිරත්න සහ එම අදියරේ කාන්තා අංශයේ දක්‍ෂතම වෙඩික්කාරිය ලෙස දකුණු නාවික විධානයේ බල නැවි (කාන්තා) එච්එම්ටීඑන් හේරත් විසින් කුසලාන දිනා ගැනීමට සමත්විය.

තවද, තරඟාවලියේ ත්‍යාග හා කුසලාන ප්‍රදානෝත්සවය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී ගුණසිංහ, නාවික හමුදා වෙඩි සංචිතයේ සභාපති රියර් අද්මිරාල් අචල ද සිල්වා ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools