‘IPSC Shotgun Nationals 2026’ තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩික්කරුවන්ගෙන් විශිෂ්ට දස්කම්
‘IPSC Shotgun Nationals / Scorpion Extreme Shotgun Challenge 2026’ තරගාවලිය, 2026 ජුනි මස 19 සිට 21 දක්වා පානළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිස්තෝල වෙඩි තැබීමේ සංකීර්ණයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබීමේ කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් විය.
‘Scorpion Shooting Club’ වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තෙදින (03) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහ දිවයිනේ වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 10ක් නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ වෙඩික්කරුවන් පිරිසක් සහභාගි වූහ.
එහිදී, කේවල ඉසව්වන්ගෙන් සුවිශේෂි දක්‍ෂතා පෙන්නුම් කරමින්; National Range Officer Standard Division හී රන් පදක්කම සමඟ Standard Lady හී රන් පදක්කම පාලක ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ (විශ්‍රාමික) විසින්ද, Standard Overall Division හී රන් පදක්කම නායක නැවි ඩබ්ඒඩී චතුරංග, එම අංශයේ රිදී පදක්කම නායක නැවි ආර්එල්ජී මදුසංක, ලෝකඩ පදක්කම කොමාණ්ඩර් එච්ඒඩී ෆොන්සේකා විසින්ද, Standard Manual Lady Division හී ලෝකඩ පදක්කම බල නැවි (කාන්තා) එච්පීඑම්එම් රණසිංහ විසින්ද, Standard Manual Overall Division හී රන් පදක්කම නායක ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක විසින්ද, එම අංශයේ ලෝකඩ පදක්කම සුළු නිලධාරි බීඑම්පීඑල් දයානන්ද විසින්ද, දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, කණ්ඩායම් ඉසව්වන්ගෙන්; Standard Division Team Overall හි රන් පදක්කම කොමාණ්ඩර් එච්ඒඩී ෆොන්සේකා, නායක නැවි ඩබ්ඒකේටීසී පෙරේරා, නායක නැවි ඩබ්ඒඩී චතුරංග හා නායක නැවි ආර්එල්ජී මදුසංක විසින් දිනාගත් අතර, ඵහි රිදී පදක්කම පාලක ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ (විශ්‍රාමික), නායක නැවි (කාන්තා) සීඑන් ජයසිංහ, ලිපිකරු (කාන්තා) ජේටීඑම්එස් මිල්රෝයි හා බල නැවි (කාන්තා) කේබීසී දුලක්‍ෂිකා විසින් දිනා ගැනීමට සමත් විය.
තවද, Standard Manual Division Team Overall හි රන් පදක්කම සුළු නිලධාරි පීඩබ්ඒටී ප්‍රදීප්, සුළු නිලධාරි ඊකේසීයු කුමාර, සුළු නිලධාරි බීඑම්පීඑල් දයානන්ද හා නායක ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක විසින් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ පුහුණුකාරිනී යූඑස් රොඩ්‍රිගෝ මහත්මියගේ විශිෂ්ට පුහුණුව, කැපවීම, වෘත්තීයභාවය හා මගපෙන්වීම, නාවික හමුදා වෙඩික්කරුවන් ලැබූ මෙම තරඟකාරි ජයග්‍රහණය මඟින් පිළිබිඹු කරයි.
තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2026 සැප්තැම්බර් මස 04 වැනි දින ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විශ්‍රාමිකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවති අතර, එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.













