SPORT NEWS › 2026

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2026 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

27 Sep 2026

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2026 සැප්තැම්බර් 26 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් හරිත ජයදේවගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා ශූරතා පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසූ නව දෙනෙකු (89) සහභාගී විය. එහිදී, පිරිමි කේවල අංශයේ ප්‍රථම ස්ථානය පුහුණු නාවික විධානය නියෝජනය කල බල නැවි (කිමිදුම්) එස්පීකේඑන් මදුරංග විසින්ද, දෙවන ස්ථානය සහ තෙවැනි ස්ථානය පුහුණු විධානය නියෝජනය කල නායක (කිමිදුම්) පීආර්එස්අයි බංඩාර විසින් සහ බල නැවි (කිමිදුම්) ඩබ්එම්එස්එල් විජේසිංහ විසින් හිමි කර ගත් අතර සමස්ත පිරිමි ශූරතාවය දිනාගැනීමට පුහුණු නාවික විධානය සමත් විය.

එමෙන්ම, වයස අවුරුදු 40ට වැඩි පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය පුහුණු නාවික විධානය නියෝජනය කල සුළු නිලධාරී ඩබ්එම්අයිකේ විජේසුන්දර විසින් දිනාගත් අතර, කාන්තා කේවල අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් පුහුණු විධානය නියෝජනය කල බල ශාරීරික අභ්‍යාසක (කාන්තා) ඊඑම්ඒජීඑල්බී එදිරිසිංහ, ශාරීරික අභ්‍යාසක (කාන්තා) ඩීඑස්එම් නිෂ්සංක සහ අදුනික නැවි (කාන්තා) පීඑච්ටීටී තිලකරත්න විසින් හිමි කර ගනිමින් මෙලෙස පිරිමි හා කාන්තා අන්තර් විධාන තුන්ප්‍රයාම ශුරතා පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.

Accessibility Tools