ක්‍රීඩා පුවත්

යාපනයේ දී ප්‍රථම වරට සංවිධානය කල 8 වන කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

ජාතික ඔරු සහ කයාකිං සංගමය (National Association of Canoe and Kayaking in Sri Lanka - NACKSL) විසින් සංවිධානය කරන ලද 8 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2024 සැප්තැම්බර් මස 14 වන දින සිට 16 දින දක්වා ප්‍රථම වරට යාපනය කොටුව ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද, එහි අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවද හිමිකරගැනීමට සමත් විය.

18 Sep 2024

අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2024 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 09 වන දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් ද, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත්විය.

16 Sep 2024

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩදී උත්කර්ශවත් අයුරින් ආරම්භ වෙයි

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024 සැප්තැම්බර් මස 12 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

13 Sep 2024

Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

09 Sep 2024

‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අගෝස්තු මස 18 වන දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2024 අගෝස්තු 21) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, Sandy Bay වෙරළ තීරයේදී සිදු කෙරිණි.

21 Aug 2024

මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය 2024 හි අනුශූරතාව නාවික හමුදාව දිනාගනියි

ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය, ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමඟ එක්ව අට (08) වන වරටත් සංවිධානය කරන ලද මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය, 2024 අගෝස්තු මස 15 වන දින සිට 19 වන දින දක්වා ගම්පහ ජා ඇල, වෙට් වෝටර් රිසෝට්හිදී පවත්වන ලද අතර, එහි අනුශූරතාවය නාවික හමුදාව දිනාගැනීමට සමත්විය.

21 Aug 2024

Sri Lanka Sports Fiesta Colombo 2024 - Mini Football Championship තරඟාවලියේ පාපන්දු අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනී

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද Sri Lanka Sports Fiesta Colombo 2024 තරඟාවලියට සමඟාමීව පැවති Mini Football Championship පාපන්දු තරඟාවලිය 2024 අගෝස්තු මස 16 දින සිට 18 දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහි කාන්තා අනුශූරතාවය, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම දිනාගැනීමට සමත් විය.

20 Aug 2024

ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් හිමි කර ගනී

2024 අගෝස්තු මස 16 සහ 18 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති ගුවන් හමුදාධිපති කුසලාන සත් සමාජික රග්බි තරඟාවලිය - 2024 හි කාන්තා ශූරතාවය සහ පිරිමි බඳුන අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා හා පිරිමි ‘බී’ රග්බි කණ්ඩායම් සමත් විය.

19 Aug 2024

‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී ආරම්භවේ

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අගෝස්තු මස 18 වන දින ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

19 Aug 2024

චීනයේ පැවති 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදුන් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ නාවික හමුදාධිපතිගේ ඇගයීමට

චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ, අද දින (2024 අගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදීම සඳහා ඔහු දැක්වූ දක්‍ෂතාවය අගයමින් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමද නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.

12 Aug 2024