සියළු පුවත්
නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව වෙත ලද තොරතුරු අනුව විවිධ නාවික විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-10-02
විදේශීය නෞකාවක සේවය කරමින් සිටියදී මියගිය කාර්මිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි
ඉරානයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ‘MV Gascut’ නම් ගෑස් ප්‍රවාහනය කරනු ලබන නෞකාවක සේවයේ නිරතව සිටියදී හදිසියේ මිය ගිය විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ඔක්තෝබර් 01) කටයුතු කරන ලදී. ...
2017-10-02
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය හෙට ත්‍රිකුණාමලයේදී
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2017) හෙට (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලයේදී ආරම්භ වීමට නියමිතය....
2017-10-01
අත්අඩංගුවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි එරටට භාරදේ
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (සැ...
2017-10-01
අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2017 සාර්ථක ලෙස නිමාවට පත් වේ
නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 30) උතුරු මැද නාවික විධානයට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය....
2017-10-01
ලෝක ළමා දිනය නිමිත්තෙන් දරු දැරියන් හට තල්මසුන් නැරඹීමට අවස්ථාව
අදට (ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනි නාලිකාව සහ නාවික හමුදාව එක්ව සිසු දරු දැරියන් හට තල්මසුන් නැරඹීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලදී....
2017-10-01
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී නාවික හමුදාවට
කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුර සහ ගාලු මුවදොර පිටියේ පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ඔක්තෝබර් 01) සිට නාවික හමුදාවට භාර දෙන ලදී. ...
2017-10-01
12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක අංශයට අනුයුක්තව පුහුණුව ලැබූ 12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නාවිකයන් 34 දෙනෙකු ඊයේ (සැප්තැම්බර් 29) සාර්ථක ලෙස තුන්වන අධියර පාඨමාලාව හදාරා විසිර යන ලදී. ...
2017-09-30
ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන මහතා අද (සැප්තැම්බර් 30) වැඩ භාර ගන්නා ලදී....
2017-09-30
සංග්‍රාමික අත්දැකීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් දකුණු නාවික විධානයේදී
දකුණු විධානයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධය පැවති කාල සීමාවේදී මුහුණ දුන් සංග්‍රාමික අත්දැකිම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඊයේ (සැප්තැම්බර් 28) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ප...
2017-09-29
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ජේකොබ් ඉංග්ලිෂ් මහතා අද දින (සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුද...
2017-09-29
තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, අතිගරු, ටුන්කා ඌෂුහාදාර් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය....
2017-09-28
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජිත, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජනය කරන, ලුතිනන් කොමාණ්ඩර් රූබන් බ්ලොෆ්ස්යින් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-09-28
ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, කෝජි යාගි මහතා අද (සැප්තැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය....
2017-09-28
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (සැප්තැම්බර් 28) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය. ...
2017-09-28


