නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට සංක්රමණය වූ ශ්රී ලාංකිකයින් පිරිස නාවික හමුදා භාරයට

2019 දෙසැම්බර් මස 26 වන දින ඩෙල්ෆ් දූපතට බෝට්ටුවක් පැමිණ ඇති බවට ශ්රී ලංකා නාවික හමුදාවට තොරතුරු ලැබී තිබු අතර, එම බෝට්ටුවෙන් ඉන්දියාවේ සිට ශ්රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා පුළුල් මෙහෙයුමක් ක්රියාත්මක කරන ලදී.
30 Dec 2019
අන්තර් විධාන සරඹ තරඟාවලිය සාම්පුර්හිදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 28 වන දින සාම්පුර්හි ශ්රී ලංකා නාවික නෞකා ‘විදුර’ ආයතනයේ ප්රධාන සරඹ පිටියේදී පැවැත්විණි. නව (9) වන වරටත් පැවති මෙම තරඟාවලියේ සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ සහභාගී විය.
30 Dec 2019