වැදගත් සිදුවීම්

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම ලබාදුන් ආරක්ෂක ලේකම්හට නාවික හමුදාධිපතිතුමන් කෘත‍වේදීත්වය පළ කරයි

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මග පෙන්වීම හා සහාය ලබාදෙමින් ආරක්ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය පිළිබඳව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවී සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

24 Nov 2015

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් ගෞරවනීය ස්තූතිය පල කර සිටියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී, සම්මන්ත්‍රනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීම පිළිබඳව සිය ස්තූතිය පළ කර සිටියේය.

24 Nov 2015

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රනය ගාලු නගරයේදී පැවැත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී මේ වන විට පැවැත්වෙයි.

24 Nov 2015

“2015 ගාලු කථිකාව” ඓතිහාසික ගාලු පුරවරයේදී ඇරඹෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (23) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ විය.

23 Nov 2015

ඉංග්‍රීසි භාෂාව ඉගෙනුමට මහත් උනන්දුවක් දක්වන සිසුදරු පිරිසකට “ලෝගෝස් හෝප්” පොත් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

ඉංග්‍රීසි භාෂාවට උපන් හපන්කම් දක්වන පුත්තලම, ආණමඩුව රතනපාල කනිටු විදුහලේ සිසුදරු දැරියන් හට නොවැම්බර් මස 01 වන දින ලෝගෝස් හෝප් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සැපයීය.

22 Nov 2015

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු මෙරටට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු යළි මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

21 Nov 2015

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි

2015 නොවැම්බර් මස 20 වන දින පස්වරු 04.00 ට වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් උත්සාහක දිනුම් 05 ක් පරිවර්තන දිනුම් 04 ක් සහ දඩුවම් පහර 01 ක් සමගින් ගුවන් හමුදා පිල පරදවා 36 - 08 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

21 Nov 2015

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඔන්ව්වාන් බෙසෝන් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

20 Nov 2015

2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ‍ඓතිහාසික ගාලු නගරයේදී ආරම්භවෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී නොවැම්බර් මස 23 වන දින පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

20 Nov 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2015