වැදගත් සිදුවීම්

කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලයේ පාසල් සිසුන් සදහා මේස, පුටු සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරේ
 

වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් මත අභාවයට ගොස් තිබු කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලය පිරිසකර කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු මෑතකදි ආරම්භ කරන ලදි.

12 Sep 2016

“ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ දෙවන ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාවට
 

රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරිමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශය මගින් සංවිධානය කල “ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ අවසාන මහා තරඟය ඊයේ (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

12 Sep 2016

2016 “දියකාවා” යුද අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී
 

නාවික හමුදා දියත් ඒකකය, නාවික සෙබල අංශය, විශේෂ යාත්‍රා බලඝණ, ශ්‍රි ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව, කොමාණ්ඩෝ බළකාය, විශේෂ බළකාය ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” යුධ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී ඊයේ (10) සාර්ථක ලෙස නිමාවට පත්විය.

12 Sep 2016

දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලයදී අවසන් වේ
 

එක්සත් ජනපද නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරිමේ ජංගම ඒකකයේ නාවිකයන් සහ ශ්‍රි ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් හට දිය යට නොපිපිරුණු පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරිමේ පුහුණු අභ්‍යාසයක් පෙරේදා (8) වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයෙදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

11 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) නිලාවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු සිමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Sep 2016

“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ යාපනයේ පැවැති උත්සවයට නාවික හමුදාධිපති එක් වෙයි
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගනයේ අද (9) පැවැත්වූ “මතින් නිදහස් රටක්” යන තේමාව පෙරදැරිකර ගත් වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද සහභාගී විය.

09 Sep 2016

ව්‍යාජ ලිපි ලේඛණ සැකසූ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ බුද්ධි අංශය වෙත ලැබුනු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගාල්ල පොලීසිය සමග සම්බන්ධීකරණය වී ගාල්ල ප්‍රදීපාගාරය අසළ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමේ ස්ථානයක් වටලන ලදී.

09 Sep 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි කදවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Sep 2016

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා අද (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

07 Sep 2016

සම්පත්නුවර ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු ‍කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් වැලිඔය, සම්පත්නුවර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සම්පත්නුවර මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (6) එම විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

07 Sep 2016