වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

14 Nov 2017

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය.

14 Nov 2017

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.

14 Nov 2017

අන්තර් විධාන පාපන්දු තරඟාවලිය යාපනයේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 11 වන දින යාපනය ‍දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ පැවැත්විණි.

13 Nov 2017

සමස්ථ ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණයක්
 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ථ ලංකා අන්තර් සමාජ ප්‍රවීණයෙන්ගේ මේස පන්දු තරඟාවලිය - 2017 පිරිමි අංශයේ ඒ කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

13 Nov 2017

ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදා කණ්ඩායම් අතර සුහඳ තරඟාවලි කිහිපයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි ක්‍රීඩා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහඳ ක්‍රීඩා තරඟ කිහිපයක් පවත්වන ලදී.

11 Nov 2017

චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි නිලධාරීන් වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ මහජන චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි.

11 Nov 2017

සටනේදී දිවි පුද කළ රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

11 Nov 2017

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

10 Nov 2017

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

10 Nov 2017