වැදගත් සිදුවීම්

වේදනා නාශක ඖෂධ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 12 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

13 Jul 2019

නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

වැලිසර, නාවික කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල 2019 ජූලි 12 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

13 Jul 2019

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම් පිළිබඳව සාකච්ජාවක් ගාල්ල සහ හම්බන්‍තොට ප්‍රදේශයන්හිදී

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව බහු පාර්ශවීය සාකච්ජාවක් 2019 ජුලි 11 සහ 12 යන දෙදින ගාල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන්හිදී පැවැත්වෙන ලදි.

13 Jul 2019

‘Wide Probe on Ghost Ship’ යන සිරස්තලය යටතේ 2019 ජූලි 13 දින සිලෝන් ටූඩේ පුවත්පතේ පළ වූ සාවද්‍ය තොරතුරු ඇතුලත් පුවත නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

2019 ජුලි මස 13 වන දින සිලෝන් ටූඩේ පුවත්පතේ ‘Wide probe on ghost ship’ යන සිරස්තලය යටතේ පල වූ පුවත නිවැරදි කරන මෙන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙත නාවික හමුදාව ඉදිරිපත් කල ලිපිය පහත පරිදි දැක්වේ.

13 Jul 2019

මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කිරීම මත නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාවේ සිටි විදේශිය ජාතිකයින් 09 දෙනා අද සවස කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනන්‍යතාවය හෝ ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මෙම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් ගේ අනන්‍යතාව ඉදිරි විමර්ෂණ මඟින් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

12 Jul 2019

පුත්තලම නගරයේ ඉඩමක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පුත්තලම නගරයේ ගොඩනැගිලි හා නිවාස වලින් වටවූ අබලි ද්‍රව්‍ය ‍ගොඩගසා තිබූ ඉඩමක 2019 ජූලි 11 වන දින ඇති වූ ගින්නක් අවට ප්‍රදේශයට ව්‍යාප්ත වීමට පෙර මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

12 Jul 2019

කපිතාන්, සංජීව ප්‍රේමරත්න ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) සංජීව ප්‍රේමරත්න අද (ජූලි 12) දින වැඩ භාර ගන්නා ලදී.

12 Jul 2019

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 11 වන දින කල්පිටිය, ශේතවාඩිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

12 Jul 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් සමඟ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

12 Jul 2019

මුහුදේදී අනතුරට පත්වූ ධීවරයෙකු නාවික හමුදාව විසින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයට පත් ධීවරයෙකු 2019 ජූලි 11 වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

12 Jul 2019