වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් නෞකා සඳහා ප්‍රථම වරට මුහුදු ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ

නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ප්‍රථම වරට නෞකා වෙනුවෙන් නිෂ්පාදනය කර ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව තුළ ස්ථාපිත කරන ලද මුහුදු ජල පිරිපහදු යන්ත්‍රය (Sea water Reverse Osmosis Plant) අද (2021 පෙබරවාරි 24) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කෙරිණි.

24 Feb 2021

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරීම 2021 පෙබරවාරි 21වන දින සිදු කෙරිණි.

22 Feb 2021

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, 2021 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

22 Feb 2021

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමජිකයින් වෙනුවෙන් ‘මිහිදු සෙත් මැදුරෙහි’ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ.

යුද්ධයේදී අබාධිත වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාදනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ‘මිහිදු සෙත් මැදුර’ සුව නිකේතනයෙහි නේවාසික යුද්ධ හමුදා අබාධිත සාමාජිකයින් සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චිත්‍රානි ගුණරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 21 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

21 Feb 2021

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 19 වන දින බත්තරමුල්ල, සුහුරුපායෙහි පැවති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ දේශනය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

20 Feb 2021

නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය විසින් පවත්වනු ලැබූ සැක සහිත නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම් සහ වැඩිදියුණු කරන ලද පුපුරණද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාළාව 2021 පෙබරවාරි 19 වන දින ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් විය.

20 Feb 2021

ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 20 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 130 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 20 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 69 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 පෙබරවාරි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

18 Feb 2021

ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව පකිස්තානයේ පැවති “අමාන් - 2021” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගී වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් (AMAN 2021) සාගරික අභ්‍යාසය 2021 පෙබරවාරි මස 12 වන දින පකිස්තානයේ කරච්චිහි නාවික තටාකංණයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී විය.

18 Feb 2021

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමෙන් පසු, අද (2021 පෙබරවාරි 16) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

16 Feb 2021

රියර් අද්මිරාල් ඩීකේපී දසනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩීකේපී දසනායක අද (2021 පෙබරවාරි 16) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

16 Feb 2021