වැදගත් සිදුවීම්

හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම සහ ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Sep 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 334 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 සැප්තැම්බර් මස 06 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

07 Sep 2022

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දින සැමරුම 2022 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

06 Sep 2022

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වේ

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනය (Institute for Security Governance - ISG) මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවිශ්ඨයක් ගොඩනැගීම අරමුණු කරගත් පස් දින වැඩමුළුවක් 2022 සැප්තැම්බර් 05 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ කෙරිණි.

06 Sep 2022

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2021 ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිදුකල නවීකරණ කටයුතු වලින් පසු, ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා 2022 සැප්තැම්බර් මස 03 වන දින ගමන් ඇරඹීය.

05 Sep 2022

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය 2022 සැප්තැම්බර් 01 වන දින පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.

03 Sep 2022

ශ්‍රී ලංකාවේ නව මාලදිවයින් ජනරජ ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් හසන් අමීර් (Lieutenant Colonel Hassan Amir), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන කර්නල් ඉස්මයිල් නසීර් (Colonel Ismail Naseer) හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර නිල හමුවක් අද (2022 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ලුතිනන් කර්නල් හසන් අමීර් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.

02 Sep 2022