වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (‍2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 73 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

09 Dec 2023

නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහහත්වන (17) පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී 2023 දෙසැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.

05 Dec 2023

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2023 (Public Speaking Competition - 2023) සහ 2023 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කිරීම, 2023 දෙසැම්බර් මස 01 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු (නැසීගිය) ගේ මැතිනිය, මොනිකා ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි සිදුකෙරිණි.

03 Dec 2023

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ‍රිණි.

03 Dec 2023

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින (2023 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

02 Dec 2023

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන 2023 දෙසැම්බර් මස 01 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

02 Dec 2023

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය හා මාධ්‍ය ආයතන අතර සාකච්ඡාවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පියවර ගැනීමේදී මාධ්‍ය භාවිතා කලයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමඟ සාක‍ච්ඡාවක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 29 වන දින ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

01 Dec 2023

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ වාර්ෂික සුහද හමුව - 2023 උත්කර්ෂවත් අයුරින් පවත්වයි

දෙසැම්බර් මස 08 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 44 වන සංවත්සරය නිමිත්තෙන් වූ වාර්ෂික සුහද හමුව නාවික හමුදා සංගමයේ ගරු සභාපති, හිටපු නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ එම සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 25 වන දින වැලිසර නාවික උත්සව ශාලාවෙහිදී (Wave n’ Lake Navy Hall) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

01 Dec 2023

‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 47 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද දින (2023 නොවැම්බර් 27) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

27 Nov 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 24 සහ අද දින (2023 නොවැම්බර් 25 ) වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

25 Nov 2023