වැදගත් සිදුවීම්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Jun 2023

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

18 Jun 2023

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 251 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ අට දෙනෙකු (278) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් දෙදෙනෙකු (52) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය තිස් දෙනෙකු (330) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජුනි මස 17 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

18 Jun 2023

ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලීන් නවරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නලීන් නවරත්න ගිණිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 ජුනි මස 16 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

17 Jun 2023

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් වැඩ අවසන් කල කන්කසන්තුරය වරායේ මගී පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත වේ

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි මගී ප්‍රවාහන පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම අද දින (2023 ජුනි 16) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

16 Jun 2023

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජුනි මස 13 වන දින කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවත්විණි.

14 Jun 2023

ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සෙවීමේ කිමිදුම් මෙහෙයුම සඳහා සහභාගී වූ නාවික පුද්ගලයන් ඇගයේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පෙරලීයාමෙන් 2023 මැයි මස 16 වන දින ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සෙවීම වෙනුවෙන් ඉතාමත් අවධානම් සහගත තත්වයක් යටතේ ජීවිත අවධානමද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල සුවිශේෂි කිමිදුම් මෙහෙයුම ජාත්‍යන්තරයේ විශේෂ පැසසුමට ලක්වූ අතර, එම කිමිදුම් මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයන් වෙත ඔවුන් සිදුකල එම සුවිශේෂි දායකත්වය අගයා ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අද දින (2023 ජුනි 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

12 Jun 2023

ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාලාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති කොමදෝරු රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුනි මස 10 වන දින කොළඹ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධාන කාර්යාල පරිශ්‍රයේදී (Organization of Professional Associations of Sri Lanka) පැවැත්විණි.

12 Jun 2023

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සහ සෝබර් දූපතේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ කලාපීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදානය 2023 ජුනි මස 09 වන දින විශේෂ යාත්‍රා බලඝණයේ විධායක නිලධාරී කොමාණ්ඩර් පීසීපීඒ ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, මාලිමා සෝබර් දූපත් අවන්හලේදී සිදුකෙරිණි.

11 Jun 2023

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

ජුනි මස 08 වන දිනට යෙදුණු ‘වෙනස්වන පෘථිවි සාගරය’ යන තේමාව රැගත් ලෝක සාගර දිනයට සමගාමීව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 08 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන ගේ ප්‍රධානත්වයෙන් පානම කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Jun 2023