වැදගත් සිදුවීම්
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ජුලි 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 24.5 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.
10 Jul 2019
නීති විරෝධී කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය සහ වෙරළ කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන නාවික හමුදාව නැගෙනහිර නාවික විධානය තුල නීති විරෝධී කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු 2019 ජූලි 09 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
10 Jul 2019
බටලන්ද ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (ජූලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
10 Jul 2019
නාවික හමුදාධිපති තුමා විසින් බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (ජූලි 10) බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ සරඹ පිටියේදී පවත්වන ලදී.
10 Jul 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල බස් නැවතුම්පලක් ජනතා අයිතියට පත් කරයි

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.
09 Jul 2019
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2019 ජුලි 08 වන දින සිදුකල මෙහෙයුමකින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
09 Jul 2019
මුහුදේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් (04) දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදේ සිදුකළ පරීක්‍ෂාවක් අතරතුර කේරළ ගංජා ලඟ තබාගෙන සිට පුද්ගලයින් සිව් දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් යාත්‍රාව අද (ජූලි 09) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
09 Jul 2019
4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන වැඩ භාර ගනී

නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක යාත්‍රා බළඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන අද (ජුලි 08) වැඩ භාර ගන්නා ලදී.
08 Jul 2019
නාවික හමුදාව විසින් කැළණිය, වනවාසල ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ඇල මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් එක් පියවරක් ලෙස අද (ජූලි 08) කැළණිය වනවාසල කොරල් දූව ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරන ලදී.
08 Jul 2019
ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ පී 625 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය.
08 Jul 2019