වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Jul 2019
2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය 2019 ජුනි 29 වන දින දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව 2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වන ලදී.
03 Jul 2019
විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2019 ජුලි 02 වන දින කල්පිටිය, වන්නිමුන්දලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
03 Jul 2019
ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
02 Jul 2019
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් ගාල්ල රණවිරු ස්මාරකය අභියසදී

මව්බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද (ජූලි 02) ගාල්ල, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
02 Jul 2019
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුලි 02) අළුයම නොරොච්චෝලේ, කොයියාවඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 690 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් 2019 ජුලි 01 වන දින මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට සහාය වෙයි.
02 Jul 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (2019 ජුලි 02) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 01 වන දින හම්බන්තොට ප්‍රදේශයේදී හෙරෙයින් මිලිග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තංගල්ලේදී නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 01 වන දින තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
02 Jul 2019