වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය ලෝක ජලශාස්ත්‍රීය දිනය සමරයි

ලෝක ජලශාස්ත්‍රීය දිනය අද (ජුනි 21) දිනට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය විසින් එම දිනය සැමරීමට කටයුතු කරන ලදී.
21 Jun 2018
නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩා සංචාරයක නිරත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවිජර්සි හි ආධුනික බේස්බෝල් සංගමයේ කොමසාරිස් ලැරි ෆ්රූන්ක් මහතාගේ ආරාධනාවකට අනුව 2015, 2017 සහ 2018 වර්ෂයන්වලදි ජාතික බේස්බෝල් ශූරතාවයන් හිමිකර ගත් ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම පසුගිය ජුනි 02 වන දින සිට ජුනි 10 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ සුහද බේස්බෝල් තරඟ සංචාරයක නිරත වීය.
21 Jun 2018
චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

මෙරටට පැමිණි සිටින චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලුතිනන් ජෙනරාල් සීයාවෝ ටියාං ලියාන්ග් මහතා (Lieutenant General Ziao Tian Liang) ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (ජුනි 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
21 Jun 2018
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමිව උතුරු නාවික විධානය ඇගයීමට ලක් කෙරේ

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිතිකොට ගෙන ලේ දන්දීමෙන් ලෝකයට සහ රටට කළ සේවය අගයමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් පසුගිය ජුනි 14 වන දින සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ලේ බැංකුවේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
21 Jun 2018
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
20 Jun 2018
ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි නාවික හමුදාධිපති හමුවෙයි

අද (ජුනි 18) දින, මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
18 Jun 2018
ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
18 Jun 2018
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව ඊයේ (ජුනි 16) සිය අභිමානවත් 12 වන සංවත්සරය සමරන ලදී.
17 Jun 2018
උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි

උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊයේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය.
15 Jun 2018
කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

කොච්චිකඩේ, ක්‍රිස්තියානි දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 13 උදැසන පැවති අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
15 Jun 2018