වැදගත් සිදුවීම්
කජුගස්ගොඩැල්ල ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරයි

අද (මැයි 25) අළුයම සිට ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යටවීඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මාර්ගය දෙපස වැලි කොට්ට තුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරමින් සිටිති.
25 May 2018
නාවික හමුදා කණ්ඩායම් 49 ක් අඛණ්ඩව සහන සැළසීමේ මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වනතුරු පහව ගොස් නොමැති අතර, ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇත.
25 May 2018
තවදුරටත් නාවික හමුදා සහන සැළසීමේ කටයුතු ප්‍රදේශ රැසකට

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.
24 May 2018
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් ත්‍රිත්වයක් සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාව හා වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන ශ්‍රිලංනානෞ රණජය සහ ශ්‍රිලංනානෞ රණවික්‍රම යන නෞකාවන් පසුගිය මැයි මස 22 වන දින සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී.
24 May 2018
නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවදුරටත් සීරුවෙන්

පසුගිය දින කිහිපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, තවදුරටත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් ඇතුළුව සහන සැළසීමේ කණ්ඩායම් 41 ක් සහ ඩිංගි යාත්‍රා 41 ක් විවිධ ප්‍රදේශ වෙත අනුයුක්ත කර ඇත.
23 May 2018
අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.
22 May 2018
අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.
22 May 2018
නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
21 May 2018
ජාතික බීච් වොලිබෝල් තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට

ජාතික බ්ච් වොලිබෝල් තරඟාවලිය 2018 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ බීච් වොලිබෝල් පිටියේදී පසුගිය මැයි 19 වන දින නිමාවට පත් වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමින් කාන්තා ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.
21 May 2018
ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2018 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
20 May 2018