වැදගත් සිදුවීම්

රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය.

19 Apr 2018

නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් කොළඹදී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (අප්‍රේල්18) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

19 Apr 2018

ඉන්දියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා අද (අප්‍රේල් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

18 Apr 2018

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රාහකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා වුෂු සංචිතයට අනුයුක්ත නාවිකයින් විසින් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දීමට සමත් වන ලදී.

18 Apr 2018

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හිමි කර දුන් බල නැවි ඉන්දික දිසානායක නාවික හමුදාධිපති හමුවෙයි
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බල නැවි ඉන්දික දිසානායක බර ඉසිලීමේ තරඟයෙන් රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, එම සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් ඔහු අද (අප්‍රේල් 18) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඇගයීමට ලක් කරන ලදී.

18 Apr 2018

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

17 Apr 2018

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී සමරයි
 

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය විසින් සුදානම් කර තිබූ නාවික සම්ප්‍රදායානුකූල උත්සවය අද (අප්‍රේල් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ පොදු භොජනාගාරයේදී පවත්වන ලදී.

16 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

16 Apr 2018

විපතට පත්ව තිබූ විදේශිය රුවල් යාත්‍රාවකට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට අයත් ගැඹුරු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ඊයේ (අප්‍රේල් 14) ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විපතට පත්ව තිබූ සැන්ඩ්ටී (SANDETIE) නැමති විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

15 Apr 2018

රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 12) විශ්‍රාම යන ලදී.

12 Apr 2018