වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.

10 Feb 2018

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

09 Feb 2018

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (පෙබරවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

09 Feb 2018

බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් ඊයේ (පෙබරවාරි 08) සිය සහාය දැක්වීය.

09 Feb 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජනවාරි 07 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජනවාරි 09) දිවයිනෙන් පිටත් විය.

09 Feb 2018

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (පෙබරවාරි 08) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.

08 Feb 2018

ශ්‍රී ලංකා නාවික හමුදා මේස පන්දු ප්‍රවීනයන් පදක්කම් හිමි කර ගනියි
 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය ජනවාරි මස 26 වන දින කොළඹ ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

07 Feb 2018

ඉන්දියානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා 7 වන මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වෙයි
 

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලැබූ 7 වන මාණ්ඩලික සාකච්ජාව අද (පෙබරවාරි 07) කොළඹ ලයිට් හවුස් ගැලි පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

07 Feb 2018

රියර් අද්මිරාල් පියල් ද සිල්වා ශ්‍රී ලංකා නාවික හමුදාවට නවීන ඩ්‍රෝන කැමරාවක් පරිත්‍යාග කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශයට අත්‍යවශ්‍යව පැවති නවීන වර්ගයේ ඩ්‍රෝන කැමරාවක් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අද (පෙබරවාරි 07) දින පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

07 Feb 2018

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් නෞකාවන් 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (පෙබරවාරි 07) කොළඹ වරායට සේන්දු විය.

07 Feb 2018