වැදගත් සිදුවීම්
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායේ අමගිරි නෞකාව හම්බන්තොට වරායට

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු විය.
21 Aug 2017
‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (අගෝස්තු 20) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් ප්‍රධාන සුළු නිලධාරී ඩීකේජීඑස් විජේසිරි වෙත ප්‍රදානය කෙරිණි.
20 Aug 2017
අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
20 Aug 2017
අතිගරු ජනාධිපතිතුමන් විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ.

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.
19 Aug 2017
හම්බන්තොට නාවික අනුඛණ්ඩයෙහි පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදි කරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද (2017 අගෝස්තු 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
19 Aug 2017
අතිගරු ජනාධිපතිතුමන් අතින් නව නාවික හමුදාධිපති පත්විම් ලබයි

රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස අති ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (2017 අගෝස්තු 18) පත් කරන ලදී.
18 Aug 2017
‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) සිව්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු රෝහිත පෙරේරා මහතා විසින් අද (2017 අගෝස්තු 18) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය.
18 Aug 2017
නාවික හමුදා කථික තරඟාවලිය 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන නාවික හමුදා කථික තරඟාවලිය 2017 අද ( 2017 අගෝස්තු 18) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
18 Aug 2017
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද ( 2017 අගෝස්තු, 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
17 Aug 2017
නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ නව කාර්යාලය සංකීර්ණය සඳහා මුල්ගල තැබේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකිර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබිම ඊයේ (2017 අගෝස්තු 16) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, කොමදෝරු රවින්ද්‍ර රණසිංහ මහතා අතින් සිදුවිය.
17 Aug 2017