වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Aug 2016

226 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 289 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 226 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 289 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා අද (6) විසිර යන ලදී.

06 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (5) නාවික හමුදාව සමත්විය.

06 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

05 Aug 2016

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල පිළිගන්වන ලදී.

04 Aug 2016

නාවික හමුදාව SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ ශූරතාවය දිනාගනියි
 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අපි පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ සාමාන්‍ය නාවික දර්ශන ප්‍රසාද් සමත් විය.

03 Aug 2016

නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Aug 2016

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2015 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (3) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

03 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2) කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Aug 2016

සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත කරන ලදී.

01 Aug 2016