වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, තලෙයිමන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පේසාලෙයි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

25 Jan 2017

නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
 

නාවික හමුදා ඉතිහාසයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව සහතිකය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය සමත් වී ඇත.

24 Jan 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.

23 Jan 2017

නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර හා උතුරු නාවික විධානයන්හි චාරිකාවක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය 21 වන දින නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය. එහිදී, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී

23 Jan 2017

නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගනී
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.

23 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් නාවික හමුදාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් වැඩසටහනක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

22 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් අද (22) තොරන්කාඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 250 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

22 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, තලෙයිමන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, පුපුරණද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

22 Jan 2017

CH & FC පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (21) පස්වරුවේ CRN & FC ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් CH & FC පිල පරදවා ලකුණු 81 - 27 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.

21 Jan 2017

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 26 දෙනෙකු විසිර යති
 

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 23 වන සහ 24 වන බඳවා ගැනීම් වලට අයත් නාවිකයන් විසි තුන් (23) දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු (3) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (20) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

20 Jan 2017