වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

20 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී, ධීවර බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Jan 2017

කේරළ ගංජා ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (19) අම්බලන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Jan 2017

ඇමරිකානු නාවික හමුදාවේ “හොපර් ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “හොපර්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

19 Jan 2017

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක, වයිස් අද්මිරාල් ඩීඑම් දේශ්පාන්ඩේ මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

19 Jan 2017

හෙරොයින් ග්‍රෑම් 36 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලීහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්දාපුර්ම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (18) ගෝපාල්පුරම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 36. 230 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

19 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (16) එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (16) නිමාවට පත් විය.

16 Jan 2017

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.

16 Jan 2017

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

16 Jan 2017