වැදගත් සිදුවීම්
උතුරු නාවික විධානයේ විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්වෙයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඩෙල්ෆ්ට් දූපත් වාසීන් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගිය 12 වන දින පවත්වන ලදී.
16 Jan 2017
100 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.
14 Jan 2017
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මීගමුව මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
14 Jan 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (13) කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී.
14 Jan 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
13 Jan 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
12 Jan 2017
අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සොයාගැනේි
උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) කුසුමන්තුරෙයි නොගැඹුරු මුහුදුදේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 23 ක් සහ ඒ අසළ වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සොයා ගන්නා ලදි.
12 Jan 2017
නාවික හමුදාධිපතිතුමා හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (11) හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
12 Jan 2017
ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ හා සටන් ක්‍රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්‍රධානී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ සහ සටන් ක්‍රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්‍රධානී, රියර් අද්මිරාල් පැස්ක්වාලෙ ඩි කැන්ඩියා මහතා අද (11) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
11 Jan 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 53 ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් ඩෙල්ෆ් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ජාතිකයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
11 Jan 2017


