වැදගත් සිදුවීම්
නාවික හමුදාව අනුරාධපුරය වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් යොදවයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දොපාර්තමේන්තුවේ පුද්ගලයන් එක්ව ජුනි මස 16 වන දින සිට 20 වන දින දක්වා අනුරාධපුරය ප්‍රධාන වැව් ආශ්‍රිතව විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් යෙදවීමට කටයුතු කරන ලදී.
23 Jun 2016
කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
කතරගම පූජා භූමිය වන්දනා කිරීම සඳහා යාපනයේ සිට පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කෙට් විවේකයක් ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට ආගන්තුක සත්කාර සිදු කිරීමට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් ඊයේ (21) කටයුතු කරන ලදී.
22 Jun 2016
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් දෙකකට එළබෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආශ්‍රයෙන් දත්ත ලබා ගැනීම (Vessel Monitoring System - VMS) පිළිබදව අවබෝධතා ගිවිසුම සහ ජාතික ජල මානක හා නාවික සිතියම්ගත කිරීමේ අබබෝධතා ගිවිසුම ඊයේ (21) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී.
22 Jun 2016
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය 19 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා අද (21) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
21 Jun 2016
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ පර්ත් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
21 Jun 2016
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති නාවික හමුදාධිපති හමුවෙයි
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
20 Jun 2016
අනතුරට පත් කැස්බෑවුන් සිව් දෙනෙකු බේරා ගැනේ
උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 18 වන දින මාළු දැලක පැටලී සිටි කැස්බෑවන් සිව් දෙනෙකු බේරා නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදී.
20 Jun 2016
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් “පර්ත් ” නෞකාව කොළඹ වරායට පැමිණේ
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාව අද (19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
19 Jun 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් සම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සම්පුර් ප්‍රදේශයේ නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
18 Jun 2016
කපිතාන් අරුණ තෙන්නකෝන් විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නමැති අත්පොත නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නැමති නාවික අත්පොතෙහි පළමු පිටපත අද (17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.
17 Jun 2016


