වැදගත් සිදුවීම්

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 3ක් ඊයේ (03) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

04 Dec 2015

දකුණු කොරියානු නාවික හමුදා “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

දකුණු කොරියානු නාවික හමුදාවේ “චුන්ග්මුගොන්ග් යි සන් සින්” නෞකාව සුහද සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහි අණදෙන නිලධාරී කපිතාන් යූ ජේ-මන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Dec 2015

ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් ඩල්බිර් සිං සුහාග් මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Dec 2015

නාවික හමුදා 65 වන සංවත්සරය නිමිත්තෙන් උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

65 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ උතුරු නාවික විධාන මූලස්ථාන රෝහලේ දී දෙසැම්බර් මස 02 වන දින පැවැත්විණි.

03 Dec 2015

නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.

02 Dec 2015

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන් අද (02) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

02 Dec 2015

65 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් දෙසැම්බර් මස 01 දින පැවැත්විණි.

02 Dec 2015

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ

කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට රුපියල් ලක්ෂ 5 බැගින්වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම අද (01) සිදු කෙරිණි.

01 Dec 2015

පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවේ “ශම්ෂීර්” නෞකාවේ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා සහ අණදෙන නිලධාරී සිද් රිස්වාන් කලීඩ් මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

01 Dec 2015

පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගන්නා ලදී.

30 Nov 2015